පළාත් 06ක අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

දිවයිනේ පළාත් හයක් ආවරණය වන පරිදි අද (18) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

ඒ, අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුර සහ නැගෙනහිර පළාත්වල අද (18) සිට දින 05ක් මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එම ඒකකය පැවසුවේ.

මෙම පළාත්වල විශේෂ කීට විද්‍යා සමීක්ෂණයක් ද අද (18) සහ හෙට (19) යන දෙදින තුළ සිදුකරන අතර, හඳුනාගත් මදුරුවන් බෝ වන ස්ථාන සඳහා කීට නාශක යෙදීමට කටයුතු කිරීමට නියමිතයි.

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 82,036ක් සහ මරණ 49ක් වාර්තා වන අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ද ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?