AFC Banner
AFC Banner
Empty Ad

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට කතානායකගේ අනුමැතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළා.

පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

මෙම පනත් කෙටුම්පත 2025 ජනවාරි 9 වැනි දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කෙරුණා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත ලෙස බලාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?