2025 වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ක්‍රියාවලියේ දී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම් ලත් රජයේ නිලධාරීන්/ ආරක්ෂක අංශ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ (03) දින නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීමට තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව ඊයේ දින සිට එළඹෙන 12 වැනි දින මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිත බවයි.
එම දිනය කිසිසේත්ම දීර්ඝ කරන්නේ නොමැති බව ද නිවේදනයේ සඳහන්.
තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාල වෙතින් ලබා ගැනීම හෝ මැතිවරන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන elections.gov.lk පිවිසීමෙන් බාගත කළ හැකි බව නිවේදනය කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..