තැපැල් ඡන්ද අපේක්ෂකයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 12 රෑ 12න් අවසන්(නිවේදනය)

2025 වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ක්‍රියාවලියේ දී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම් ලත් රජයේ නිලධාරීන්/ ආරක්ෂක අංශ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ (03) දින නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීමට තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව ඊයේ දින සිට එළඹෙන 12 වැනි දින මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිත බවයි.

එම දිනය කිසිසේත්ම දීර්ඝ කරන්නේ නොමැති බව ද නිවේදනයේ සඳහන්.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාල වෙතින් ලබා ගැනීම හෝ මැතිවරන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන elections.gov.lk පිවිසීමෙන් බාගත කළ හැකි බව නිවේදනය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29