පළාත් පහකට අද ප්‍රබල අකුණු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (22) දහවල් 12.00ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් සහ අනුරාධපුර, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

මෙම පළාත් සහ දිස්ත්‍රික්කවල අද (22) සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
6
+1
7
+1
6
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?