Indian Premier League

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (08) පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම නැගෙනහිර පළාතේ උදැසන කාලයේදී ද අද (08) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?