පළාත් කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනය තුළ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් අද (31) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේ.

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?