Empty Ad
AFC Banner
AFC Banner

පළමු වරට ඉන්දීයාවේ සහායෙන් ඇල්ලූ අයිස් කිලෝග්‍රෑම් 400ක තොගය කොළඹට (වීඩියෝ)

පසුගියදා අරාබි මුහුදු තීරයේ දී ඇල්ලූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට පත් කර තිබෙනවා.

එලෙස ඉන්දීය නාවික හමුදා භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රා දෙකක් සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සැකකරුවන් සයදෙනෙකු අද (02) පෙරවරුවේ මෙරට නාවික හමුදා ගජබාහු නෞකාව වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද පෙරවරුවේ කොළඹ වරාය වෙත පැමිණියේ ඉන්දීය නාවික හමුදාව විසින් ලුහුබැඳ සිය අත් අඩංගුවට ගත් සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය තොගය භාරගැනීමට පැමිණීම සඳහා යි.

එහිදී මාධ්‍ය හමුවක් පවත්වමින් නාවික හමුදාපතිවරයා පැවසුවේ; තම නාවික හමුදාවට ඇතුල් විය නොහැකි ඉන්දීය කලාපයට අයත් මුහුදු තීරයේ දී බුද්ධි අංශ කළ දැනුවත් කිරීම් අනුව ඉතිහාසයේ පළමු වරට ඉන්දීය නාවික හමුදාවේ සහාය ලබාගෙන මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට කටයුතු කළ බවයි.

එබැවින් ඉන්දීය නාවික හමුදාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙරට නාවික හමුදාපතිවරයා සිය ස්තුතිය ද පුදකර සිටියා.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයෙහි කිලෝග්‍රෑම් 400ක් පමණ ඇතැයි විශ්වාස කෙරෙන බවත් තවමත් එහි කිරුම් කටයුතු සිදුවන බව ද ශ්‍රී ලංකා නාවික හමුදාපති පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම පසුගියදා මෙරට නාවික හමුදා බුද්ධි අංශ විසින් මාලදිවයින රාජ්‍යයට ලබා දුන් තොරතුරු මත එම මුහුදු තීරයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 344ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 144ක් ද සොයාගැනීමට හැකි වූ බවත් නාවික හමුදාපති ප්‍රකාශ කළා.

අන්තර්ජාතික නාවික කටයුතු මිත්‍ර සබඳතා හේතුවෙන් තවදුරටත් ශක්තිමත් කරගනිමින් මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පැවසුවේ.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය, බුද්ධි අංශ ද මෙම මෙහෙයුම සඳහා සිය උපරිම දායකත්වය ලබා දුන් බව ද ප්‍රියන්ත පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35
Video thumbnail
බලය දුන්නොත් ලොවෙත් නැතිවෙන්න - විදුලි බිල අඩු කරන්නම් කියලා කිව්වේ
13:58
Video thumbnail
ආණ්ඩු ඇරන් මොනවද මේ කරන්නේ ? - කරන්න කියන්න හරි දෙයක්..
02:15
Video thumbnail
කොහොමද අපි ස්මාට් ළමයි එක්ක වැඩ කරන්නේ
07:29
Video thumbnail
සජබේ මන්ත්‍රීට හොඳටම හිනා ගියපු මාලිමා මන්ත්‍රීගේ කතාව
17:50

?