Empty Ad
AFC Banner
Empty Ad

ශූරයින්ගේ කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට BCCI වෙතින් දැවැන්ත ත්‍යාග මුදලක්

පසුගියදා නිමාවට පත් වූ චැම්පියන්ස් කුසලානය (ශූරයින්ගේ කුසලානය) ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ත්‍යාග මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය මුදලින් ඉන්දීය රුපියල් කෝටි 58ක් වන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් අදාළ ත්‍යාග මුදල නිවේදනය කර තිබෙනවා.

මෙම චැම්පියන්ස් කුසලානයේ ජයග්‍රාහකයින් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදල් ත්‍යාගයක් ද පිරිනමනු ලැබුවා.

මාර්තු 09 වැනිදා නවසීලන්තය අවසන් මහා තරගයේ දී කඩුලු 04කින් පරාජයට පත් කරමින් තෙවැනි වරටත් ඉන්දීය කණ්ඩායම ශූරයින්ගේ කුසලානය තම රටට හිමිකර දුන්නා.

අඛණ්ඩව ICC ශූරතා දිනා ගැනීම විශේෂත්වයක්. මෙම ත්‍යාගය ගෝලීය වේදිකාවේ ඉන්දීය කණ්ඩායමේ කැපවීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන්” යැයි BCCI සභාපති රොජර් බිනී ප්‍රකාශ කර තිබෙනවා.

ICC විසින් අවසන් පූර්ව වටය සහ අවසන් තරග හැර, ජයග්‍රහණය කරන ලද සෑම තරගයක් සඳහා ම (සෑම කණ්ඩායමකට ම) අමතර ඩොලර් 34,000 ක මුදලක් ප්‍රකාශයට පත් කර තිබුණා.

අනුශූර නවසීලන්තය ඩොලර් මිලියන 1.12 ක් දිනා ගත් අතර, පරාජිත අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රෙලියාව අමෙරිකානු ඩොලර් 560,000 බැගින් ලබා ගත්තා.

ඊට අමතරව, මෙම චැම්පියන්ස් කුසලානයේ තරග කිරීම සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 08 ම ඩොලර් 125,000 බැගින් ද හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරමින් චැලේන්ජ් කරද්දී මන්ත්‍රීවරුන්ගේ මූණු ටික දැක්කද..?
05:51
Video thumbnail
දේශබන්දුටයි, රාජපක්ෂලටයි වෙන්න යන දේ ඇහුවොත් පුදුම හිතෙයි
04:04
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙදරා යයි - හේෂාගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක්
09:09
Video thumbnail
මනූෂට යකා ආවේෂ වෙයි, දෙසුවා ආය ලොවෙත් නැති වෙන්නම
00:33
Video thumbnail
මනූෂට යක්ෂයා ආවේශ වෙයි, ඇස් උඩ යන්න කියපු කියවිල්ල #election #npp #unp #manusha
06:57
Video thumbnail
නමට නම් දේශබන්දු අන්තිමේදි බන්දු හැංගුනා
04:47
Video thumbnail
අවේග මත ආපු - රැල්ල ඉවරයි - අජිත්ගේන් ආණ්ඩුවට රතු එළියක් #sajithpremadasa #sjb #npp
03:01
Video thumbnail
කළුතර හොල්මන්වෙයි - පියල් පුටුවෙන් යළිත් බලයට #piyalnishantha
04:22
Video thumbnail
සිගරැට් එකක් නිසා - පාර්ලිමේන්තුව ඇවිලෙයි
09:23
Video thumbnail
කැලණිවැලි දුම්රියේ වැදී දෙවියෝ බේරපු රියදුරුගේ ජීවිතය
01:41

?