ශූරයින්ගේ කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට BCCI වෙතින් දැවැන්ත ත්‍යාග මුදලක්

පසුගියදා නිමාවට පත් වූ චැම්පියන්ස් කුසලානය (ශූරයින්ගේ කුසලානය) ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ත්‍යාග මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය මුදලින් ඉන්දීය රුපියල් කෝටි 58ක් වන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් අදාළ ත්‍යාග මුදල නිවේදනය කර තිබෙනවා.

මෙම චැම්පියන්ස් කුසලානයේ ජයග්‍රාහකයින් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදල් ත්‍යාගයක් ද පිරිනමනු ලැබුවා.

මාර්තු 09 වැනිදා නවසීලන්තය අවසන් මහා තරගයේ දී කඩුලු 04කින් පරාජයට පත් කරමින් තෙවැනි වරටත් ඉන්දීය කණ්ඩායම ශූරයින්ගේ කුසලානය තම රටට හිමිකර දුන්නා.

අඛණ්ඩව ICC ශූරතා දිනා ගැනීම විශේෂත්වයක්. මෙම ත්‍යාගය ගෝලීය වේදිකාවේ ඉන්දීය කණ්ඩායමේ කැපවීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන්” යැයි BCCI සභාපති රොජර් බිනී ප්‍රකාශ කර තිබෙනවා.

ICC විසින් අවසන් පූර්ව වටය සහ අවසන් තරග හැර, ජයග්‍රහණය කරන ලද සෑම තරගයක් සඳහා ම (සෑම කණ්ඩායමකට ම) අමතර ඩොලර් 34,000 ක මුදලක් ප්‍රකාශයට පත් කර තිබුණා.

අනුශූර නවසීලන්තය ඩොලර් මිලියන 1.12 ක් දිනා ගත් අතර, පරාජිත අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රෙලියාව අමෙරිකානු ඩොලර් 560,000 බැගින් ලබා ගත්තා.

ඊට අමතරව, මෙම චැම්පියන්ස් කුසලානයේ තරග කිරීම සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 08 ම ඩොලර් 125,000 බැගින් ද හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34