මාවනැල්ල දෙවනගල ප‍්‍රදේශයේ නාය යෑම නිසා මරණයට පත් පවුලේ පිරිස සොයන එම නිවසේ සිටි සුනඛයෙකු පිළිබඳ දැක්වෙන ඡායාරූපයක් කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.
එම නිවසේ වාසය කළ එකම පවුලේ පියා, මව,පුතා සහ දියණිය මෙම නාය යෑමෙන් මරණයට පත් වුණා.
තම හාම්පුතාලාගේ සිරුරු වැළලූණු ස්ථානයේ සුනඛයා නොසැලී සිටි අන්දම සියළු දෙනාගේ හදවත් සසල කළ සිදුවීමක් වූ බවයි එහි ගිය වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
නිවසේ ඇතිකළ සුනඛයා සිය භාරකරුවන් නැති ශෝකයෙන් එහෙ මෙහෙ අත දුවන ආකාරයද වාර්තාකරුවන් දැක තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




