පස් කණ්ඩි කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

ප්‍රදේශ දෙකකදී පස් කඳු කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි තිබෙනවා. මෙම අනතුරු සිදුවී ඇත්තේ නුවරඑළිය සහ ගොඩකවෙල කුඩුගල්දෙණිය ප්‍රදේශවලදීයි.

නුවරඑළිය නගර ආසන්නයේ පැරණි කච්චේරිය අසල පිහිටි ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් තාප්පයක් ඉදි කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟ මතට ඊයේ (16) දින පස්වරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නුවරඑළිය පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ල වැලිහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 43 වයස්වල පසුවූ දෙදෙනෙකු බවයි.

ඔවුන් දෙදෙනා ඥාතීන් වන අතර 43 හැවිරිදි පුද්ගලයාගේ දියණිය විවාහ වී ඇත්තේ මියගිය 23 හැවිරිදි තරුණයා සමග බව සඳහන්.

ඊයේ පස්වරු 4ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර ප්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පස් කන්දට සිර වී සිටි දෙදෙනා පිටතට ගෙන නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර තිබුණා.

එහෙත් ඒ වන විටත් ඔවුන් ජීවිතක්ෂයට පත් ව සිටි බව සඳහන්.

මෙම තාප්පය ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති කොන්ත්‍රාත්කරු විසින් කිසිදු ආරක්ෂිත උපකරණයක් මෙම පෙදරේරුවන් වෙත ලබාදී නොමැති බවට පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

රෝහල වෙත රැගෙන ගිය මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර ගොඩකවෙල කුඩුගල්දෙණිය ප්‍රදේශයේදී පතලක් කපමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ රාත්‍රි නීති විරෝධීව පතලක් කැපීමට ගොස් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුලත් කෙරුණා.

පතලේ පස් කණ්ඩිය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ රක්වාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 සහ 48 වයස්වල පසුවූ දෙදෙනෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?