පස් කණ්ඩි කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

ප්‍රදේශ දෙකකදී පස් කඳු කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි තිබෙනවා. මෙම අනතුරු සිදුවී ඇත්තේ නුවරඑළිය සහ ගොඩකවෙල කුඩුගල්දෙණිය ප්‍රදේශවලදීයි.

නුවරඑළිය නගර ආසන්නයේ පැරණි කච්චේරිය අසල පිහිටි ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් තාප්පයක් ඉදි කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟ මතට ඊයේ (16) දින පස්වරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නුවරඑළිය පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ල වැලිහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 43 වයස්වල පසුවූ දෙදෙනෙකු බවයි.

ඔවුන් දෙදෙනා ඥාතීන් වන අතර 43 හැවිරිදි පුද්ගලයාගේ දියණිය විවාහ වී ඇත්තේ මියගිය 23 හැවිරිදි තරුණයා සමග බව සඳහන්.

ඊයේ පස්වරු 4ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර ප්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පස් කන්දට සිර වී සිටි දෙදෙනා පිටතට ගෙන නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර තිබුණා.

එහෙත් ඒ වන විටත් ඔවුන් ජීවිතක්ෂයට පත් ව සිටි බව සඳහන්.

මෙම තාප්පය ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති කොන්ත්‍රාත්කරු විසින් කිසිදු ආරක්ෂිත උපකරණයක් මෙම පෙදරේරුවන් වෙත ලබාදී නොමැති බවට පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

රෝහල වෙත රැගෙන ගිය මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර ගොඩකවෙල කුඩුගල්දෙණිය ප්‍රදේශයේදී පතලක් කපමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ රාත්‍රි නීති විරෝධීව පතලක් කැපීමට ගොස් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුලත් කෙරුණා.

පතලේ පස් කණ්ඩිය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ රක්වාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 සහ 48 වයස්වල පසුවූ දෙදෙනෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29
Video thumbnail
ජනපතිගේ කතාව මැද සිදුවූ දේ..රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
03:10
Video thumbnail
අල්ලස් කොමිසමට ආ දයාසිරි අනතුරු අඟවයි
11:51
Video thumbnail
ජනාධිපතිතුමා රණවිරුවන්ව සමරන්න එයි
01:43
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23