පස්වරු 01.00න් පසුව ප්‍රදේශ රැසකට තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේ (04) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව අද දිනට අදාළ කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවෙදංඖඑන් පෙන්වා දෙන්නේ.

ඊට අමතරව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු – මැද පළාත්වල මෙන්ම කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවට කළගු අ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?