පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෝම්බ බියක්

බෝම්බයක් ඇති බවට ලැබුණු ඊමේල් පණිවුඩයක් හේතුවෙන් නාවලපිටිය පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (29) දහවල් නොසන්සුතාවක් හටගෙන තිබෙනවා.

ඒ, අනුව ආරක්ෂක අංශ විසින් ප්‍රාදේශීය ලේකම් කාර්ලය ගොඩනැගිල්ල විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රාදේශීය ලේකම් කාර්ලයයේ විද්‍යුත් ලිපිනයට ලැබුණු ඊමේල් පණිවුඩයක සඳහන්ව ඇත්තේ, විදේශ රටකින් ලැබුණු කූඩාරමක් තුළ බෝම්බයක් ඇති බවත්, එය අද (29) පස්වරු 2:00ට පුපුරා යන බවයි.

ඒ, අනුව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර වහාම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිටි පිරිස ඉවත් කර ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම දැනුම්වත් කිරීම අනුව පැමිණි නාවලපිටිය පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ අංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රය විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් එහි සැක කටයුතු කිසිවක් තිබී හමුවී නොමැති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?