පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සීලරතන භික්ෂුවට හොඳට දෙහි කපයි (වීඩියෝ)

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රකාශයකට දැඩි ලෙස විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයෙන්.

අද (19) දිනයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය චෝදනා කර සිටියේ පසුගිය දිනෙක බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් ලෝක ගෞරවයට මෙන් ම ඉමහත් සේවයක් සලසන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවාවට නිගරු වන ලෙස අසත්‍ය ප්‍රකාශ නිකුත් කළ බවයි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසන්නේ; සීලරතන භික්ෂුව පවසන පරිදි මෙරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් යනු එන්.ජී. ඕ ආයතනවලින් වැටුප් ලබන පිරිසක් බවයි.

නමුත් තමන් ඇතුළු නිලධාරිනියන්ට වැටුප් ගෙවීම් සිදු කරන්නේ ශ්‍රී ලංකා රජයෙන් බවයි අද පැවති මාධ්‍ය හමුවේදී එම නිලධාරිනියන්ගේ වෘත්තීය සමිතිය පෙන්වාදුන්නේ.

මෙරට අතීතයේ වාර්තා වූ පරිදි මාතෘ හෝ ළමා මරණ අනුපාතය අවම වී ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කැපවීම මත මිසක් සීලරතන හිමියන්ගේ පටු අදහස් නිසාවෙන් නොවන බවට ද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
49
+1
2
+1
8
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27

?