පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සීලරතන භික්ෂුවට හොඳට දෙහි කපයි (වීඩියෝ)

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රකාශයකට දැඩි ලෙස විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයෙන්.

අද (19) දිනයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය චෝදනා කර සිටියේ පසුගිය දිනෙක බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් ලෝක ගෞරවයට මෙන් ම ඉමහත් සේවයක් සලසන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවාවට නිගරු වන ලෙස අසත්‍ය ප්‍රකාශ නිකුත් කළ බවයි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසන්නේ; සීලරතන භික්ෂුව පවසන පරිදි මෙරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් යනු එන්.ජී. ඕ ආයතනවලින් වැටුප් ලබන පිරිසක් බවයි.

නමුත් තමන් ඇතුළු නිලධාරිනියන්ට වැටුප් ගෙවීම් සිදු කරන්නේ ශ්‍රී ලංකා රජයෙන් බවයි අද පැවති මාධ්‍ය හමුවේදී එම නිලධාරිනියන්ගේ වෘත්තීය සමිතිය පෙන්වාදුන්නේ.

මෙරට අතීතයේ වාර්තා වූ පරිදි මාතෘ හෝ ළමා මරණ අනුපාතය අවම වී ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කැපවීම මත මිසක් සීලරතන හිමියන්ගේ පටු අදහස් නිසාවෙන් නොවන බවට ද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
49
+1
2
+1
8
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58