AFC Banner
Empty Ad
Empty Ad

පවුම් විස්සක රන් භාණ්ඩ ඉස්සූ කතක් පොලිස් දැලේ

නිවසක තිබූ රුපියල් ලක්ෂ 43ක් පමණ වටිනා රන් ආභරණ සොරා ගැනීමේ සිද්ධියකට කාන්තාවක් කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (08) පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක කයිට්ස්, නාරත්තන උතුර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සොරකම සිදු වූ නිවසේ හිමිකරුගේ බිරිඳගේ මිතුරියක් බවයි වාර්තා වන්නේ.

ඇය වසර 06ක පමණ සිට එම නිවසේ පදිංචිව සිට ඇති අතර, එලෙස පදිංචිව සිටිය දී මෙම සොරකම සිදුකර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සන්තකයේ තිබී ඇය විසින් සොරකම් කළ පවුම් විස්සකට වැඩි රන් භාණ්ඩ සොයාගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?