පල්ලියේ අත්බෝම්බයට කවුරුත් නොසිතූ අයෙකුත් අල්ලයි

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට  පෞද්ගලික රෝහලට  තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාට   බෝම්බ සැපයූ බව කියන පුද්ගලයා  හම්බන්තොට රන්න ප්‍රදේශයේදී   කොළඹ අපරාධ කොට්ඨාසයේ  විශේෂ පොලිස් කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

හම්බන්තොට රන්න ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් කේ ආර් ප්‍රේමචන්ද්‍ර  නොහොත්  රුවන් නමැත්තා වරාය අධිකාරියේ සේවකයෙකු බවත්  අපරාධ කිහිපයකට සම්බන්ධ වූවෙකු බව උසස් පොලිස් නිලධාරියා කීය. 

අත්අඩංගුවට ගත් 55 හැවිරිදි සැකකරු ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින බවත් උසස් පොලිස් නිලධාරියා කීය.

කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මීට දින කීපයකට ඉහතදී  අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ඒමෙන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න  කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව රන්න ප්‍රදේශයට අද (20)  ගිය  විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්  සැකකරු අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා කීය 

බොරැල්ල දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වසර අටක පමණ කාලයක් ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කල ලියනගේ  දයාසේන නම් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී  බොරැල්ල සියලු  සාන්තුවරයන්ගේ දේවස්ථානයට මෙන්ම  මීට මාස කිහිපයකට ඉහතදී නාරාහේන්පිට  පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට බෝම්බ තැබුවේ විශ්‍රාමික වෛද්‍යවරයාගේ උපදෙස් මත බව  අනාවරණය වී තිබිණි 

ඒ පිළිබඳ පිළිබඳ  කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම විසින්  වෛද්‍යවරයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෛද්‍යවරයා විසින් ඒ බව පිළිගත්  බවත්  ඒ අනුව ඔහුට බෝම්බය  ලබා දුන් පුද්ගලයා  පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇත 

තමන් යටතේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ ලියනගේ  දයාසේන නැමැති පුද්ගලයා මාර්ගයෙන්
රන්න ප්‍රදේශයේ රුවන් නමැත්තා හඳුනාගෙන බෝම්බ  ලබාගත් බවත් වෛද්‍යවරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  තවදුරටත් අනාවරණය වී තිබිණි  

සැකකාර වෛද්‍යවරයා විසින් රන්න ප්‍රදේශයේ  දී අත්අඩංගුවට ගත් පුද්ගලයාට බෝම්බ ලබාදීම වෙනුවෙන් වරින් වර  මුදල් ලබාදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 

සැකකාර වෛද්‍යවරයා ගේ බිරිඳ   කොරෝනා වෛරසය රෝගී තත්ත්වය උත්සන්න වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ අතර ,එලෙස බිරිඳ මියගිය මිය ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත බවට   ඔහුට මානසික ව්‍යාකූල තාවයක් ඇතිවී රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින්  මෙලෙස කටයුතු කර ඇති බවට  තවදුරටත් අනාවරණය වූ වූ බව  එම නිලධාරියා කීය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44