මුරලි සහ ශේන් වෝන් අතරේ තිබුණේ සීතල යුද්ධයක් ඇතිව තිබෙනවා. ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වීමේ සටනේ ඔවුන් දෙදෙනා නිරතව සිටියා. ඔවුන් දෙදෙනාගේ වෙනස වූයේ සුදුකළුම නොවෙයි. මුරලි පිටදඟ පන්දු යවන්නෙක් වන අතර ශේන් වෝන් පාදඟ පන්දු යවන්නෙක් ලෙස දස්කම් දැක්වූවා.
පසුගිය බදාදා සන්රයිසස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවති අයිපීඑල් තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු සහ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන්ට තම කණ්ඩායම ලද පරාජය දරා ගන්නට නොහැකි වුණා.
අවසන් පන්දු වාරයේදී ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 22ක් යග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණු අතර මුරලිගේ හයිද්‍රාබාද් කණ්ඩායමට එම ලකුණු 22 නතර කර ගන්නට නොහැකි වුණා. ටයිටන්ස් කණ්ඩායමේ රෂිඩ් ඛාන් සහ රාහුල් ටෙවටියා එම පන්දු වාරයට හයේ පහර හතරක් එල්ල කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගත්තා. එය දරා ගැනීමට නොහැකි වූ මුරලි මෙසේ උරණ වී සිටින අයුරු රූපවාහනී දර්ශනවලින් පෙනෙන්නට තිබුණා.




