පනාමුරේ මිය ගිය පුද්ගලයා සජබ රැලියට පැමිණි අයෙක් ද? ඇත්ත කතාව මෙන්න

ඇඹිලිපිටිය – පනාමුරේ ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවාගෙන සිටියදී සිර කුටිය තුළදී ගෙළ වැලලාගෙන මියගොස් ඇති බවට වාර්තා වේ.

මිය ගොස් ඇති පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව පොලිසිය පවසන අතර සිය බිරිඳ සහ දියණියට පහර දීමේ සිදුවීම් පිළිබඳ පැවති පැමිණිලි රැසක් සම්බන්ධයෙන් පොලිසිය ඔහු සොයා විමර්ශන කරමින් සිටින අතරතුර ඊයේ (නොවැ.16) රාත්‍රියේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා සිර කුටියේදී ම මිය යාම සැක සහිත බව සඳහන් කරමින් මේ වන විට පනාමුර ප්‍රදේශයේ ජනතාව ප්‍රකෝපයට පත්ව පනාමුර පොලිසිය වටා එක් රැස්වී සිටි බව අප වාර්තාකරු පැවසීය.

අද (නොවැ.17) දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, අදාළ පුද්ගලයා සමගි ජන බලවේගය මගින් ඊයේ දින සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමන් සඳහා සහභාගී වූ පුද්ගලයෙකු බව ය.

පනාමුරේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පහරදීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඔහු එහිදී චෝදනා කළේ ය.

ඉන්දික ජයරත්න නම් මිය ගොස් ඇති තරුණයාගේ මෘත දේහය මේ වන විටත් පොලිසිය තුළ ඇති බව ත් මේ සම්බන්ධයෙන් ඉතා කඩිනමින් පරීක්ෂණයක් සිදු කර සාධාරණයක් ඉටු කළ යුතු බව ත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ය.

හේෂා විතානගේ මහතා කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විරසේකර මහතා පැහැදිලි කිරීමක් කළ අතර ඔහු සඳහන් කළේ, අදාළ පුද්ගලයා මෙම විරෝධතාවට සහභාගී වූවෙකු නොවන බව ත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙන් ම තම බිරිඳට සහ දියණියට පහර දීමේ චෝදනා සහිතව කලක් පොලිසිය සොයමින් සිටි පුද්ගලයෙකු බව ත් ය .

“විරුද්ධ පක්ෂය ඉතා ම බරපතළ චෝදනාවක් කළා. ඊයේ උද්ඝෝෂණයට සහභාගී වුණු අයෙක් අත්අඩංගුවට ගෙන පොලිසිය පහර දීලා මරලා දාලා කියලා. ඒක සම්පූර්ණ අමූලික බොරුවක්. මේ පුද්ගලයාගේ නම ඉන්දික ජයරත්න. වයස 37යි. පදිංචිය වැලගේයාය පනාමුරේ. මොහු මත්ද්‍රව්‍යවලට දැඩි සේ ඇබ්බැහි වූ කෙනෙක්. නිතර ම බිරිඳට සහ දරුවන්ට පහර දෙනවා. ඒ ගැන බිරිඳගෙන් චෝදනා ලැබිලා තියෙනවා. 2021.11.12 වන දින දුවට පහරදීලා. දුව පැමිණිල්ලක් කරනවා. පොලිසිය මොහුව හොයනවා. ඔහු හැංගෙනවා. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ ඊයේ රෑ 10.30ට. ඒ නිසා පෙළපාලියට කිසිම සම්බන්ධයක් නෑ. අත්අඩංගුවට ගත්තාට පස්සේ පාන්දර 3.30ට මොහු ඔහුගේ කමිසය කූඩුවේ කම්බියක ගැටගහලා බෙල්ලේ වැල දාගෙන මිය යන්න ඔන්න මෙන්න තිබියදී තමයි රාළහාමි දැකලා වහා ම රෝහලට ගෙනියන අතරතුර මිය ගිහින් තියෙන්නේ. පෙළපාලියට, උද්ඝෝෂණවලට කිසි ම සම්බන්ධයක් නෑ. පොලිසියට විරුද්ධව කරන චෝදනාව අමූලික බොරුවක්.”

කෙසේ වෙතත්, මේ වන විට අදාළ සිද්ධිය වූ දින රාත්‍රියේ පනාමුර පොලිසියේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

පනාමුරේ පොලිස් ස්ථානයේදී සිවිල් වැසියන් සමග ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යෙදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29