පන්සලේ අරක්කු බීම ගැන විමසූ හාමුදුරුවන්ගේ නහය කැඩෙන්න ගහලා

අනුරාධපුර සාම විහාරයේ තුළ මත්පැන් පානය කළ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පුත‍්‍රයෙකු ඇතුළු තිදෙනෙකු විසින් එහි වැඩවසන විහාරවාසි හිමිනමකට සංඝාවාසය තුළදී පහරදී තුවාල සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඊයේ (14දා) අනුරාධපුර පොලිසියට බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පවසයි.

එප්පාවල ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෙවර උසස් පෙළ හැදෑරීමට නියමිත එප්පාවල නගරයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා අතර යාපනය කොඩිකාමන් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත‍්‍රයා හා යුද හමුදා නිලධාරියෙකුගේ පුත‍්‍රයකු සිටින බව පොලිසිය පවසයි. පහරදීමට සැක කරන තරුණයන් තිදෙනා 12දා සවස් කාලයේ විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල පිටුපස සිට මත්පැන් පානය කර තිබෙන අතර ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ හිමිනමට ප‍්‍රහාරය එල්ලවූ බව කියමින් පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

පහරකෑමට ලක්වූ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ඉංග‍්‍රීසි ආචාර්යවරයෙකු වන පූජ්‍ය බුල්නෑවේ ධම්මික හිමියන් ප‍්‍රහාරයෙන් තුවාල ලබා මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

උන්වහන්සේට තරුණයන් තිදෙනා එල්ල කළ ප‍්‍රහාරයෙන් නාසය කැඞී රුධිරය වහනය වන අතර එක් අතකට හා හිසට පහරදීම නිසා තැලූ‍ම් තුවාල සිදුවී ඇති බව පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා ඊයේ (14ද) අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහානාම මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?