පන්සලේ අරක්කු බීම ගැන විමසූ හාමුදුරුවන්ගේ නහය කැඩෙන්න ගහලා

අනුරාධපුර සාම විහාරයේ තුළ මත්පැන් පානය කළ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පුත‍්‍රයෙකු ඇතුළු තිදෙනෙකු විසින් එහි වැඩවසන විහාරවාසි හිමිනමකට සංඝාවාසය තුළදී පහරදී තුවාල සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඊයේ (14දා) අනුරාධපුර පොලිසියට බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පවසයි.

එප්පාවල ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෙවර උසස් පෙළ හැදෑරීමට නියමිත එප්පාවල නගරයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා අතර යාපනය කොඩිකාමන් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත‍්‍රයා හා යුද හමුදා නිලධාරියෙකුගේ පුත‍්‍රයකු සිටින බව පොලිසිය පවසයි. පහරදීමට සැක කරන තරුණයන් තිදෙනා 12දා සවස් කාලයේ විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල පිටුපස සිට මත්පැන් පානය කර තිබෙන අතර ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ හිමිනමට ප‍්‍රහාරය එල්ලවූ බව කියමින් පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

පහරකෑමට ලක්වූ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ඉංග‍්‍රීසි ආචාර්යවරයෙකු වන පූජ්‍ය බුල්නෑවේ ධම්මික හිමියන් ප‍්‍රහාරයෙන් තුවාල ලබා මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

උන්වහන්සේට තරුණයන් තිදෙනා එල්ල කළ ප‍්‍රහාරයෙන් නාසය කැඞී රුධිරය වහනය වන අතර එක් අතකට හා හිසට පහරදීම නිසා තැලූ‍ම් තුවාල සිදුවී ඇති බව පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා ඊයේ (14ද) අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහානාම මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14