පන්සලෙන් පල්ලියට නත්තල්

නත්තල් දින පන්සලෙන් පල්ලියට නත්තල් තෑගී රැගෙන නත්තල් ගමන්ගිය අපුරු සිදුවීමක් පානදුර වික්ෂෝපමාතා දෙව්මදුරේදී දැකගැනීමට හැකිවිය.

පානදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයේ විහාරාධිපති කළුතර පානදුර දෙතොටමුනේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර නාහිමියන් ඇතුළු හත්නමක් පානදුර වික්ෂෝපමා දෙව්මැදුරට පැමිණ සිටියහ.

රංජන් ප්‍රනාන්දු ප්‍රධාන පියතුමා, ශානක මෙන්ඩිස් සහායක පියතුමන් සහ යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ රේණුකා ද සිල්වා ප්‍රධාන මව්තුමිය විසින් මහා සංඝරත්නය ගෞරවයෙන් පිළිගෙන විශේෂ සංග්‍රහයක්ද පිරිනමන ලදී.

පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර , දේවස්ථානයේ මීසම් ලේකම් සනත් නානායක්කාර මහතා විසින් වැඩසටහන සංවිධානය කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?