AFC Banner
AFC Banner
Empty Ad

පන්නිපිටියේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

පන්නිපිටිය මොරකැටිය හංදිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී කොට්ටාව සිට පැමිණි සුඛෝපභෝගී බස් රථයක් සහ මහරගම දෙස සිට පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ අයෙක්. වේගයෙන් පැමිණි බස් රථයේ ගැටුනු යතුරුපැදියේ සිටි පැදිකරු විසිවී ගොස් ඇති අතර බසය ද පාලනය කර ගැනීමට නොහැකිව අසල නවතා තිබූ තවත් යතුරුපැදියක ගැටුණු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

බස් රථයේ ගමන් කර ඇත්තේ හමුදා නිලධාරීන් පිරිසක් බව ද සඳහන්. අනතුර සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?