AFC Banner
Empty Ad
Empty Ad

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කොල්කටා කණ්ඩායමට කඩුලු 05ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති  තරගය කඩුළු 5 කින් ජය ගැනීමට කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ,  පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්.
 මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20  තුළ කඩුළු 9 ක් දැවී ලකුණු 123 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  කොල්කටා කණ්ඩායම පන්දුවාර  16 යි පන්දු 4 කදී කඩුළු 5 කට ලකුණු 126  ක්  රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.
 ඔයින් මෝගන් පන්දු 40 කදි ලකුණු 47 ක් රැස් කළා. ඒ, හතරේ පහර 4 ක් සහ  එක් හයේ පහරක්ද සමගයි. මෙම ජයග්‍රහණයත් සමග කොල්කටා කණ්ඩායම අයි පී එල්  ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?