පදමට මත් වී රාජකාරියට ආ කොස්තාපල් රස්සාවෙන් දොට්ට

මත්පැන් පානය කර උප සේවා රාජකාරි භාරගැනීමට පැමිණි බව කියන පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

හලාවත පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවයි වාර්තා වුණේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ (16) පස්වරු 6.00 සිට හලාවත පොලීසියේ උප සේවා රාජකාරී කිරීමට නියමිතව තිබූ බව සඳහන්.

එහිදී සේවයට වාර්තා කර ඇති එම කොස්තාපල්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයාට සැකයක් මතුව තිබෙනවා.

එම සැකය මත ඔහුව හලාවත මහා රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා විසින් හලාවත පොලිසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

එම වෛද්‍ය පරීක්ෂාවෙන් අදාළ පොලිස් කොස්තාපල්වරයා මත්පැන් පානය කර සිටින බව තහවුරු වී ඇති අතර, මත්පැන් පානය කර සේවයට වාර්තා කිරීමේ වරද මත ඔහුගේ සේවය වහාම අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
7
+1
34
+1
4
+1
8
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?