පඬු කරඳ ගස් ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහනක්

පඬු කරඳ හෙවත් කෲඩියා සිලනිකා ශාකය මෙරට සුලභ ශාකයක් බවට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කතරගම පුදබිමේ අද (16) පැවති පඬු කරඳ ශාකය ව්‍යාප්ත කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ කතරගම පූජා භූමියේ කෞතුකාගාරය ආශ්‍රිත ප්‍රදේශය තුළ මෙම ශාකය වගා කිරීමට කටයුතු කළ බවයි.

මේ අතර අනෙකුත් පූජනීය ස්ථානවල ද මෙම පඬු කරඳ ශාකය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම නියමිත බවයි වාර්තා වුණේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක්ව තිබූ ගම්පහ දාරළුව ප්‍රදේශයේ පිහිට පඬුකරඳ ගසක් ඉවත් කිරීමට රජය සූදානම් විමට් සමඟ ඊට දැඩි විරෝධයක් එල්ල වුණා.

පසුව එම ගස සංඝ සතු කිරීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් කටයුතු කළ අතර, ඉන් වසර කිහිපයකට පසු අදාළ ශාකය එම ස්ථානයෙන් කපා ඉවත් කිරීමට පසුගිය දා කටයුතු කර තිබුණා.

ඒ, අනුවයි මෙම පඬු කරඳ හෙවත් කෲඩියා සිලනිකා ශාකය පිළිබඳව යළි කතාබහක් මතු වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22