spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පඬු කරඳ ගස් ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහනක්

පඬු කරඳ හෙවත් කෲඩියා සිලනිකා ශාකය මෙරට සුලභ ශාකයක් බවට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කතරගම පුදබිමේ අද (16) පැවති පඬු කරඳ ශාකය ව්‍යාප්ත කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ කතරගම පූජා භූමියේ කෞතුකාගාරය ආශ්‍රිත ප්‍රදේශය තුළ මෙම ශාකය වගා කිරීමට කටයුතු කළ බවයි.

මේ අතර අනෙකුත් පූජනීය ස්ථානවල ද මෙම පඬු කරඳ ශාකය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම නියමිත බවයි වාර්තා වුණේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක්ව තිබූ ගම්පහ දාරළුව ප්‍රදේශයේ පිහිට පඬුකරඳ ගසක් ඉවත් කිරීමට රජය සූදානම් විමට් සමඟ ඊට දැඩි විරෝධයක් එල්ල වුණා.

පසුව එම ගස සංඝ සතු කිරීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් කටයුතු කළ අතර, ඉන් වසර කිහිපයකට පසු අදාළ ශාකය එම ස්ථානයෙන් කපා ඉවත් කිරීමට පසුගිය දා කටයුතු කර තිබුණා.

ඒ, අනුවයි මෙම පඬු කරඳ හෙවත් කෲඩියා සිලනිකා ශාකය පිළිබඳව යළි කතාබහක් මතු වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?