ගම්පොළ නගරයේ වෙළෙඳසැල් පරීක්ෂාවක් සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක් වෙළෙඳසැලක මුළුතැන්ගෙයි ආහාර පිළියෙල කිරීමට ඇති ස්ථානයේ තබා තිබූ බිත්තර සහිත ඇසුරුම් පරීක්ෂා කර තිබෙනවා.
එහිදී නිරීක්ෂණය වී ඇත්තේ එම බිත්තර කල් ඉකුත් ව ඇති බවත්, එහි මතුපිට සිට පණුවන් ගහණය වී ඇති අයුරුයි.
ඒ අනුව එම වෙළෙඳසැලේ තිබූ කුණු බිත්තර 700ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගැනුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
මෙම වෙළෙඳසැලෙහි විවිධ වර්ගයේ කෑම වර්ග ද විකුණන බවත් වාර්තා වනවා.
කුරුඳුවත්ත – ගඟහියල වසම භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම විසින් අදාළ වැටලීම සිදු කරනු ලැබුවා.
මෙම බිත්තර වෙළෙඳසැලෙහි පිසින ෆ්‍රයිඩ් රයිස් හා කොත්තුවලට භාවිතා කර ඇති බවත් සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබෙනවා.
අදාළ සිදුවීම ගැන නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතයි.





