පණුවෝ ගහපු කුණු බිත්තර විකුණපු වෙළෙඳසැලකට වැඩ වරදියි (වීඩියෝ)

ගම්පොළ නගරයේ වෙළෙඳසැල් පරීක්ෂාවක් සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක් වෙළෙඳසැලක මුළුතැන්ගෙයි ආහාර පිළියෙල කිරීමට ඇති ස්ථානයේ තබා තිබූ බිත්තර සහිත ඇසුරුම් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ එම බිත්තර කල් ඉකුත් ව ඇති බවත්, එහි මතුපිට සිට පණුවන් ගහණය වී ඇති අයුරුයි.

ඒ අනුව එම වෙළෙඳසැලේ තිබූ කුණු බිත්තර 700ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගැනුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම වෙළෙඳසැලෙහි විවිධ වර්ගයේ කෑම වර්ග ද විකුණන බවත් වාර්තා වනවා.

කුරුඳුවත්ත – ගඟහියල වසම භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම විසින් අදාළ වැටලීම සිදු කරනු ලැබුවා.

මෙම බිත්තර වෙළෙඳසැලෙහි පිසින ෆ්‍රයිඩ් රයිස් හා කොත්තුවලට භාවිතා කර ඇති බවත් සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබෙනවා.

අදාළ සිදුවීම ගැන නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12