පටු දේශපාලන අරමුණු ඉටුකර ගන්න උතුරු, නැගෙනහිර ඇතැම් දේශපාලන කණ්ඩායම් උත්සාහයක – ඇමති නලින්ද (වීඩියෝ)

උතුරේ සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමඟ යවමින් ඔවුන් අතර කැළඹීමක් ඇති කරමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ හෙට (18) දිනයේ උතුරු නැගෙනහිරි ප්‍රදේශවල හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, එම බොරු ප්‍රචාරයන්ට නොරැවටී සාමකාමීව කටයුතු කරන ලෙසත්, ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

රට පුරා ඇති හමුදා කඳවුරු ප්‍රතිස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙළක් පසුගිය සමයේ ක්‍රියාත්මක වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ, අනුව මුලතිව් ඔඩ්ඩුසාන් ප්‍රදේශයේ මුත්තයාන්කට්ටු, ශීවනගර්හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය පිහිටා ඇති කඳවුර ප්‍රතිස්ථාන ගත කිරීමේ වැඩපිළි‍වෙළක් පසුගිය සමයේ ක්‍රියාත්මක වී තිබෙනවා.

මෙම හමුදා කඳවුර තුළට අනවසර පුද්ගලයෙන් 05 දෙනෙක් ඇතුල් වී ඇති බවත්, එම පිරිස පළවා හැරීමට හමුදාව කටයුතු කර ඇති අතර, මෙම පුද්යිගලන් පලවාහැරීමේ දී ඉන් එක් අයෙක් මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ ගිලී මියයාමේ සිදුවීමක් පසුගියදා 07 වනදා වාර්තා වුණා.

දියේ ගිලී මිය ගිය පුද්ගලයාට යම් පහරදීමක් සම්බන්ධයෙන් යම් යම් පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී ඇති ඇති අතර, ඒ අනුව සෙබළුන් තිදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අනුව හමුදාව විසින් සිවිල් පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි කියමින් මෙම සිදුවීමේ කරුණු විකෘති කරමින් ඇතැම් දේශපාලන කණ්ඩායම් වාසි ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් යාපනය රෝහලේ දී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මියයාමටමෙම මරණ සඳහා දරුණු ගණයේ තුවාල සිදුකිරීම් වාර්තා නොවන බවට දක්වා ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.

එමෙන්ම වැඩිදුර මරණ පරීක්ෂණ කටයුතු සදහා ශරීරයේ කොටස් කිහිපයක් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?