පටු දේශපාලන අරමුණු ඉටුකර ගන්න උතුරු, නැගෙනහිර ඇතැම් දේශපාලන කණ්ඩායම් උත්සාහයක – ඇමති නලින්ද (වීඩියෝ)

උතුරේ සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමඟ යවමින් ඔවුන් අතර කැළඹීමක් ඇති කරමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ හෙට (18) දිනයේ උතුරු නැගෙනහිරි ප්‍රදේශවල හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, එම බොරු ප්‍රචාරයන්ට නොරැවටී සාමකාමීව කටයුතු කරන ලෙසත්, ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

රට පුරා ඇති හමුදා කඳවුරු ප්‍රතිස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙළක් පසුගිය සමයේ ක්‍රියාත්මක වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ, අනුව මුලතිව් ඔඩ්ඩුසාන් ප්‍රදේශයේ මුත්තයාන්කට්ටු, ශීවනගර්හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය පිහිටා ඇති කඳවුර ප්‍රතිස්ථාන ගත කිරීමේ වැඩපිළි‍වෙළක් පසුගිය සමයේ ක්‍රියාත්මක වී තිබෙනවා.

මෙම හමුදා කඳවුර තුළට අනවසර පුද්ගලයෙන් 05 දෙනෙක් ඇතුල් වී ඇති බවත්, එම පිරිස පළවා හැරීමට හමුදාව කටයුතු කර ඇති අතර, මෙම පුද්යිගලන් පලවාහැරීමේ දී ඉන් එක් අයෙක් මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ ගිලී මියයාමේ සිදුවීමක් පසුගියදා 07 වනදා වාර්තා වුණා.

දියේ ගිලී මිය ගිය පුද්ගලයාට යම් පහරදීමක් සම්බන්ධයෙන් යම් යම් පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී ඇති ඇති අතර, ඒ අනුව සෙබළුන් තිදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අනුව හමුදාව විසින් සිවිල් පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි කියමින් මෙම සිදුවීමේ කරුණු විකෘති කරමින් ඇතැම් දේශපාලන කණ්ඩායම් වාසි ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් යාපනය රෝහලේ දී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මියයාමටමෙම මරණ සඳහා දරුණු ගණයේ තුවාල සිදුකිරීම් වාර්තා නොවන බවට දක්වා ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.

එමෙන්ම වැඩිදුර මරණ පරීක්ෂණ කටයුතු සදහා ශරීරයේ කොටස් කිහිපයක් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

  1. ඉරාන ඉස්ලාමීය විප්ලවය හරහා එහි පිටුබලය ලබමින් සිංහල හා දමිල ජන සංහාරය කීරීම හරහා බෞද්ධ රට අන්තවාදී ඉස්ලාමීය කරණයට JR හමිඩ් 1977 ආණ්ඩුව ප්‍රභාකරන් ට දුන් ඇම යලිත් එම පුදේශ වල දේශපාලකයින් හරහා දෙන isis ත්‍රස්තවාදීන් ගේ ඇම ජනතාව යලි නොකෑම ට පරිණත කීරීම රජයේ වගකීමය. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis පාස්කු බෝම්බයේ සත්‍ය එලිදැක්වීම මත සියලුම ජනතාව පරිණත වනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32