පටිගත වූ රම්බොඩ ඛේදවාචකය

කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නාමින් සිටියදී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් සිටි තරුණියකගේ සහ තරුණයෙකුගේසිරුරු අද පස්වරුවේ සොයාගෙන තිබේ.

ඔවුන් දිය නෑමට ගිය ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ස්ථානයක රැඳී තිබියදී හමුදා භට පිරිස් විසින් මෙම දේහයන් සොයාගෙන ඇත.

කොත්මලේ රම්බොඩ ඇල්ලේ ඉකුත් 12වැනිදා දිය නෑමට ගිය තරුණියන් හයදෙනෙකු සහ තරුණයෙකු සැඩපහරහට හසුවූ අතර ඉන් සිව්දෙනෙකු මුදාගැනීමට ජීවිතාරක්ෂක නිලධාරීන් එම අවස්ථාවේදී සමත්ව තිබුණි.

කෙසේවෙතත් පිරිස අතර සිටි තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙක් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබූ අතර ඉන් එක් තරුණියකගේ දේහය ඊයේ පස්වරුවේ සොයාගනු ලැබීය.

හමුදා භට පිරිසක් විසින් අදාළ මළ සිරුර සොයාගනු ලැබුවේ පිරිස දිය නෑමට ගිය ස්ථානයට පහළින් පිහිටි බෝක්කුවක් ආසන්නයේ රැඳී තිබියදීය.

මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ පෑවේ නුවරඑළියේ විනෝද චාරිකාවක් පැමිණි වව්නියාව ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවයේ නිරතව සිටි පිරිසකි.

එම පිරිස නුවරඑළියේ සිට යළි වව්නියාව බලා යමින් සිටි අතරතුර රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගොස් තිබූ අතර එහිදී මෙම අනතුරට මුහුණ පා තිබුණි.

ඔවුන් දියනාමින් සිටි දසුනක් ද අයෙක් ජංගම දුරකථනයෙන් රූගත කර තිබුණු අතර තවත් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක තරුණියක් සැඩ පහරට හසුව ගසාගෙන යන අයුරු පටිගතව ඇත.

https://youtu.be/RLRAzwZVNJY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?