පකිස්ථානයේ නව අගමැති තෝරා ගනියි

පාකිස්තානයේ නව අගමැතිවරයාව එරට පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන තිබෙනවා. ඒ අනුව එරට නව අගමැතිවරයා ලෙස විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් ඡන්ද විමසීමකින් තොරව තෝරාපත්කර ගැනීමට එරට පාර්ලිමේන්තු නියෝජිතයින් තීරණය කර තිබේ.

ෂෙබාස් ෂරීෆ් එරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන නවාස් ෂරීෆ්ගේ සොහොයුරාද වනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඔහු අද රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවයි.

පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන්ට එරෙහිව පසුගියදා විශ්වාසභංගය යෝජනාවක් ගෙන ආ අතර සෙනසුරාද (09) පාර්ලිමේන්තුවේ පැවති එහි ඡන්ද විමසීමෙන් ඉම්රාන් පරාජයට පත්වුණා. ඒ අනුව, ඔහුට එම තනතුර හැරදා යෑමට සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?