පකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට බෝම්බ වැස්සක්

ඇෆ්ගනිස්තානයේ පළාත් දෙකක ප්‍රදේශ ගණනාවක් වෙත පකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා විසින් දරැණු බෝම්බ හෙළීමක් සිදුකර තිබේ.

ඇෆ්ගනිස්තානයේ රැදී සිටිමින් තම රටේ කයිබර්පක්තුන්ක්වා ඇතුළු ප්‍රදේශ ගණනාවකට ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදී කණ්ඩායම් මෙම ප්‍රහාරවල ඉලක්කය වූ බව පකිස්තානය පවසයි.

කෙසේවෙතත්, ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කරන්නේ කාඕස්ට් සහ කුන්නාර් පළාත්හි ප්‍රදේශ රැසකට එල්ල වූ පකිස්තාන ගුවන් ප්‍රහාරවලින් මියගිය 40 කට අධික පුද්ගලයන් අතරින් බහුතරය සිවිල් වැසියන් බවයි.

පසුගිය සිකුරාදා රාත්‍රියේ අවස්ථා කිහිපයක දී එල්ල වූ මෙම ප්‍රහාරවලින් දරැවන් සහ කාන්තාවන්ද මියගොස් සහ තුවාල ලබා ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

ඇෆ්ගනිස්තානයේ සිට එල්ල වූ ප්‍රහාරයකින් පසුගියදා පකිස්තාන හමුදාවේ සාමජිකයන් හත්දෙනෙකු මියගිය අතර ඉන්පසු පකිස්තාන හමුදා විසින් මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කරනු ලැබිණ.

මෙම තත්වය හේතුවෙන් පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දැඩි දේශපාලන අර්බුදයක් ද නිර්මාණය වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !