පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ මන්ත්‍රීවරුන් අටදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.
ඒ, අනුව ලබන 14 වනදා රැස්වෙන එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට අදාළ මන්ත්‍රීවරුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔවුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.
මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හිට වූ නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත් දසනායක, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ සුරේන් රාඝවන් යන මන්ත්‍රීවරුන් මෙලෙස කැඳවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1













