AFC Banner
Empty Ad
Empty Ad

නොවැක් ජොකොවික් – ඔස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කිරීමේ තීරණයක්.

ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා මෙල්බන් නගරයට පැමිණි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

ඔස්ටේ‍්‍රලියාවට ඇතුලුවීම සඳහා ආගමන නීති නිසි ලෙස සපුරා නොතිබීම හේතුවෙන් ඔහු පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එන්නත්කරණයට ලක්ව නොසිටීම හමුවේ සර්බියානු ක්‍රීඩක ජොකොවිච්ට ඔස්ටේ‍්‍රලියාවට ඇතුලුවීමට අවසර දීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද මතුවී තිබුණා.

ඔස්ටේ‍්‍රලියානු ආගමන විගමන නිර්දේශ අභියෝගයට ලක් කිරීමට ජොකොවික් සූදානම් වන බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නොවැක් ජොකොවික් මේ වනවිට මෙල්බන් නුවර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය එළැඹෙන 17 වනදා සිට 30 වනදා දක්වා මෙල්බන් නුවරදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?