AFC Banner
AFC Banner
Empty Ad

නොබෙල් සාම ත්‍යාගලාභී යුනුස්ගේ පාලනය වැනසූ මාධ්‍යවේදී අයිතිවාසිකම්

නොබෙල් සාම ත්‍යාගලාභියෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන බංග්ලාදේශ අන්තර්වාර පාලන රජයේ විධායක ජ්‍යේෂ්ඨ උපදේශ මොහොමඩ් යුනුස්ගේ නායකත්වය සම්බන්ධයෙන් එරට මාධ්‍යවේදීන්ගෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ යුනුස්ගේ පාලන තන්ත්‍රය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පළුඳු කර ඇති බවයි.

භාරකාර බංග්ලාදේශ රජය සිය පාලනයේ පළමු දින 100 තුළ මාධ්‍ය නිදහසට දැවැන්ත කප්පාදුවක් සිදු කර ඇති බවට වාර්තා වනවා.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ 1971 නිදහසින් පසු බංග්ලාදේශ මාධ්‍ය නිදහසට මෙතරම් දරුණු ප්‍රහාරයක් එරට පාලන තන්ත්‍ර මගින් එල්ල නොවූ බවයි.

පත්තරවේදීන් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන්ට යුනුස්ගේ පාලනය දැඩි තර්ජනයක් බවටයි බංග්ලාදේශ මුද්‍රිත මාධ්‍යවේදීන් පෙන්වාදෙන්නේ.

අවාමී ලීගය හෝ බී.එන්.පී හෝ හමුදා තන්ත්‍රය හෝ කිසිදු ලෙසකින් මේ අයුරින් මාධ්‍ය නිදහස උල්ලංඝනය නොකළ බවට ද මාධ්‍යවේදීන් චෝදනා කරනවා.

ලොව මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවකල් 180 අතරින් බංග්ලාදේශයට මේ වනවිට හිමිව ඇත්තේ 165 වැනි ස්ථානය බවත් 2015 දී එය 145 වැනි ස්ථානයේ රඳා පැවතිය ද වත්මන් පාලනයේ දරුණු බලපෑම් මත මාධ්‍යවේදීන්ගේ නිදහස උල්ලංඝනය වී ඇති බවත් එම මාධ්‍යවේදීන් සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?