අයහපත් කාලගුණය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව අද දින (09) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
මේ අතර 10,076 ක් වන දිවයිනේ සියලු පාසල් අතරින් පාසල් 9,926ක් දෙසැම්බර් 16 වනදා සිට නැවත ආරම්භ කිරීමටත්, සියලු පාසල්වල තෙවන වාර විභාගය අවලංගු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි ලේකම්වරයා පැවසුවේ.
11 වන ශ්‍රේණිය සඳහා පෙරහුරු විභාගයක් පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එමෙන්ම 2026 වර්ෂය සඳහා නව පාසල් වාරය ජනවාරි පස් වන දින ආරම්භ කරන අතර, සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි පෙබරවාරි මස පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළා.















