උ.පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් ජනවාරි 12 ඇරඹේ – පාසල්වල තෙවන වාර විභාගය අවලංගුයි (වීඩියෝ)

අයහපත් කාලගුණය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව අද දින (09) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

මේ අතර 10,076 ක් වන දිවයිනේ සියලු පාසල් අතරින් පාසල් 9,926ක් දෙසැම්බර් 16 වනදා සිට නැවත ආරම්භ කිරීමටත්, සියලු පාසල්වල තෙවන වාර විභාගය අවලංගු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි ලේකම්වරයා පැවසුවේ.

11 වන ශ්‍රේණිය සඳහා පෙරහුරු විභාගයක් පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම 2026 වර්ෂය සඳහා නව පාසල් වාරය ජනවාරි පස් වන දින ආරම්භ කරන අතර, සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි පෙබරවාරි මස පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34