AFC Banner
Empty Ad
Empty Ad

නොනවත්වා ගිය යතුරුපැදිය ලුහුබැඳ මත්ද්‍රව්‍ය සමඟ සැකකරු අත්අඩංගුවට

නිට්ටඹුව සහ ගම්පහ ප්‍රදේශවලට හෙරොයින් හාමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ගමන් ගත් යතුරුපැදිය සම්බන්ධයෙන් සැක සිතූ රථ වාහන පරික්ෂාවේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් එය නතර කිරීමට සංඥා කළ ද එය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

පසුව පොලිස් නිලධාරීන් යතුරුපැදිය ලුහුබැඳ ගොස් අතුරු මාර්ගයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු යතුරුපැදි හෙල්මටයේ ඇතුලත සඟවා රැගෙන යමින් තිබූ හෙරොයින් සහ අයිස් පොලිස් පරික්ෂා කිරීමේදී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හෙරොයින් සහ අයිස් විවිධ ස්ථානවලට බෙදා හැරීම මෙන්ම මුදල් ලබාදීමට අදාළ නාම ලේඛනයක් ද සැකකරු සතුව තිබී ඇති අතර පිහියක් සහ මත්ද්‍රව්‍ය මනින හැන්දක් ද සොයාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදල් ද සැකකරු සතුව තිබී සොයාගෙන ඇති අතර මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?