නොනවත්වා ගිය යතුරුපැදිය ලුහුබැඳ මත්ද්‍රව්‍ය සමඟ සැකකරු අත්අඩංගුවට

නිට්ටඹුව සහ ගම්පහ ප්‍රදේශවලට හෙරොයින් හාමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ගමන් ගත් යතුරුපැදිය සම්බන්ධයෙන් සැක සිතූ රථ වාහන පරික්ෂාවේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් එය නතර කිරීමට සංඥා කළ ද එය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

පසුව පොලිස් නිලධාරීන් යතුරුපැදිය ලුහුබැඳ ගොස් අතුරු මාර්ගයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු යතුරුපැදි හෙල්මටයේ ඇතුලත සඟවා රැගෙන යමින් තිබූ හෙරොයින් සහ අයිස් පොලිස් පරික්ෂා කිරීමේදී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හෙරොයින් සහ අයිස් විවිධ ස්ථානවලට බෙදා හැරීම මෙන්ම මුදල් ලබාදීමට අදාළ නාම ලේඛනයක් ද සැකකරු සතුව තිබී ඇති අතර පිහියක් සහ මත්ද්‍රව්‍ය මනින හැන්දක් ද සොයාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදල් ද සැකකරු සතුව තිබී සොයාගෙන ඇති අතර මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52