ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නේපාලයේ ජාතික ස්වාධීන පක්ෂයේ (RSP) නායකයින්ට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.
ආර්එස්පී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කරනවා.
ඒ අනුව නේපාලයට නායකත්වය දීමට නියමිත රැප් ගායකයෙකු සිට දේශපාලනඥයෙකු වූ බාලේන්ද්‍ර ෂා සමඟ “උණුසුම් දුරකථන සංවාද” පැවැත්වූ බව මෝදි පැවසුවා.
නිවේදනයකට අනුව, මෝඩි ආර්එස්පී සභාපති රබී ලැමිචේන් සමඟ ද කතා කළ අතර, නායකයින් දෙදෙනාටම මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.
“නව රජය පිහිටුවීම සඳහා මගේ සුභ පැතුම් පිරිනැමූ අතර, බෙදාගත් ප්‍රගතිය, සමෘද්ධිය සහ ජනතාවගේ සුභසාධනය සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දීය රජයේ කැපවීම නැවත තහවුරු කළෙමි.” මෝදි X සටහනක් තබමින් පැවසුවා.
දෙරටේ ඒකාබද්ධ උත්සාහයන් තුළින් ඉදිරි වසරවලදී ඉන්දියාව සහ නේපාලය අතර සබඳතා ඉහළ මට්ටමකට ළඟා වනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබෙනවා.
තරුණ අරගලයෙන් පසු නේපාලයේ පැවති පළමු මැතිවරණයේ දී දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජාතික ස්වාධීන පක්ෂය සෘජු ඡන්දයෙන් ආසන 125ක් සහ සමානුපාතික නියෝජන ක්‍රමයෙන් ආසන 58ක් දිනාගෙන සිටිනවා.



