AFC Banner
Empty Ad
Empty Ad

නේපාලයේ ගුවන් අනතුරකින් 18 දෙනෙකු මරුට

නේපාලයේ ගුවන් අනතුරක් සිදු ව තිබෙනවා.

අද (24) පෙරවරුවේ මෙම ගුවන් යානය ගුවන්ගත කිරීමට යාමේදීයි අනතුරට මුහුණ පා ඇත්තේ.

මෙම අනතුර සිදු වන අවස්ථාවේ දී එහි මගීන් 19 දෙනෙකු සිට ඇති බවත් ඉන් 18 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත් ව ඇති බවත් www.indiatoday වෙබ් අඩවිය වාර්තා කරනවා.

අනතුරට ලක් වූ යානය පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් බවත්; එය අද පෙරවරුවේ කත්මණ්ඩු ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වීමේ දී මෙම අනතුරට මුහුණපා ඇති බවත් පැවසෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය සහ ගුවන් සේවා අධිකාරිය විශේෂ විමර්ශනයක් අරඹා ඇති අතර; ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?