නෙදර්ලන්තයෙන් පොලිසියට ආ සුනඛ මවක් පැටව් 07ක් බිහි කරයි

පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරි කටයුතු සඳහා යුක්තියේ මෙහෙයුමට සම්බන්ධ කර ගැනීම උදෙසා රුපියල් මිලියන 58 ක් වැයකර නෙදර්ලන්තයෙන් ගෙන එන ලද සුනඛයින් අතර සිටි ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතෙකු මහනුවර නිල සුනඛ මූලස්ථානයේ දී (08) දා පැටවුන් 07 දෙනෙකු බිහිකර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ස්පෑනියෙල් වර්ගයේ පැටවුන් හත්දෙනාගේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි.

තවත් එක් ගැහුණු සත්ත්වයෙකු පැටවුන් බිහි කිරීමට ආසන්න තත්ත්වයේ පසුවන බවත් මෙම සියලුම සතුන් මාසයක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකර ඇති බවත් මෙම සුනඛයන් භාරව සිටින නිලධාරියකු සඳහන් කළා.

පැටවුන් හත්දෙනා සහ මව පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවන බවත් නිරෝධායන කාල සීමාව නිමා වන තුරු එම සත්ත්වයින් ආසන්නයට යාමට අවසර ලබා නොදෙන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර ප්‍රකාශ කළා.

නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද සුනඛයින් 35 දෙනා මාස 08-12 වයසේ පසුවන අතර මාසයක කාලයක් නිරෝධායනය කිරීමෙන් පසු ඔවුන් පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ හා මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ පුහුණුවකට යොමුකර රාජකාරි කටයුතුවල යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34

?