නෙදර්ලන්තයෙන් පොලිසියට ආ සුනඛ මවක් පැටව් 07ක් බිහි කරයි

පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරි කටයුතු සඳහා යුක්තියේ මෙහෙයුමට සම්බන්ධ කර ගැනීම උදෙසා රුපියල් මිලියන 58 ක් වැයකර නෙදර්ලන්තයෙන් ගෙන එන ලද සුනඛයින් අතර සිටි ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතෙකු මහනුවර නිල සුනඛ මූලස්ථානයේ දී (08) දා පැටවුන් 07 දෙනෙකු බිහිකර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ස්පෑනියෙල් වර්ගයේ පැටවුන් හත්දෙනාගේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි.

තවත් එක් ගැහුණු සත්ත්වයෙකු පැටවුන් බිහි කිරීමට ආසන්න තත්ත්වයේ පසුවන බවත් මෙම සියලුම සතුන් මාසයක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකර ඇති බවත් මෙම සුනඛයන් භාරව සිටින නිලධාරියකු සඳහන් කළා.

පැටවුන් හත්දෙනා සහ මව පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවන බවත් නිරෝධායන කාල සීමාව නිමා වන තුරු එම සත්ත්වයින් ආසන්නයට යාමට අවසර ලබා නොදෙන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර ප්‍රකාශ කළා.

නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද සුනඛයින් 35 දෙනා මාස 08-12 වයසේ පසුවන අතර මාසයක කාලයක් නිරෝධායනය කිරීමෙන් පසු ඔවුන් පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ හා මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ පුහුණුවකට යොමුකර රාජකාරි කටයුතුවල යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42