නෙතන්යාහුටත් ගෙදර යන්න වෙයි ද? – රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනයා වීදි බසිති

ඊශ්‍රායලයේ මේ වනවිට (02) දැඩි විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සටන්කාමීන් අතර ඇති ව තිබෙන යුද්ධයේ දී හමාස් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගනු ලැබූ ඊශ්‍රායල වැසියන් 06 දෙනෙකුගේ සිරුරු හමුවීමත් සමග එරට වැසියෙන් මෙලෙස වීදි බැස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට නිසි වැඩපිළිවෙළක් හෝ ක්‍රියාමාර්ගයක් සකස් නොකළ බවයි.

එබැවින් වහාම ගාසා තීරයේ සිදු වන යුද්ධය නවතා දැමීමට ගිවිසුමක් අවශ්‍ය බවට ද විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

මේ වනවිට ජෙරුසෙලම, ටෙල් අවිව් ආදි නගරවලට ලක්ෂ 5කට අධික විරෝධතාකරුවන් සටන් පාඨ පෙරදැරි කරගනිමින් වීදි බැස ඇති බවයි වාර්තා වන්නේ.

තවත් ප්‍රාණ ඇපකරුවන් 101 දෙනෙකු හමාස් භාරයේ සිටින බවත් වහාම ඔවුන් ව නිරුපද්‍රිතව ගෙන ඒමට අගමැති නෙතන් යාහු ඇතුළු බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවත් විරෝධතාකරුවන් සිය විරෝධතාවල දී සඳහන් කර තිබෙනවා.

මෙම විරෝධතාකරුවන් අද වනවිට අගමැති නෙතන්යාහුගේ නිවස ඉදිරිපිටට රැස්ව මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ පින්තූර සහිත පුවරු ඔසවා ගනිමින් උද්ඝෝෂණයේ නිරත වුණා.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් 29 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර; එරට කම්කරුවන් අද දින එක් දින වර්ජනයක් ද ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
18
+1
9
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?