Empty Ad
AFC Banner
Empty Ad

නුවරඑළිය රෝහලේ අඩව්වක් ඇල්ලූ හිටපු මේජර්වරයා අත්අඩංගුවට

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල තුළ කලහකාරී ලෙස හැසිරී එහි සේවකයින්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු යුද හමුදාවේ හිටපු මේජර්වරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මේජර්වරයා නිවාඩුවක් ගත කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදී ඔහු බීමතින් වැටී තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද (18) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී රෝහල් සේවකයෙක් විසින් තුවාල ලබා සිටි හිටපු මේජර්වරයා රෝහලට ඇතුළත් කර ගැනීමේ දී ඔහුට ගරු නොකර කතා කළ බව පවසා රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ සේවකයින්ට පරුෂ වචනයෙන් බැන වැදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසියක් එහි පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර හිටපු මේජර්වරයා පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේම ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්නගෙන් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ; බීමතින් වැටී තුවාල ලබා රෝහලට පැමිණි මේජර්වරයෙකු යැයි පවසන පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේ දී කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සමඟ බහින් බස්මවීක් සිදු වී ඇති බවත්, පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය තමන්ට ද ඔහු පරුෂ වචනයෙන් බැණ වැදුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?