නුවරඑළිය රෝහලේ අඩව්වක් ඇල්ලූ හිටපු මේජර්වරයා අත්අඩංගුවට

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල තුළ කලහකාරී ලෙස හැසිරී එහි සේවකයින්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු යුද හමුදාවේ හිටපු මේජර්වරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මේජර්වරයා නිවාඩුවක් ගත කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදී ඔහු බීමතින් වැටී තුවාල ලබා ප්‍රතිකාර ලබාගැනීම සඳහා අද (18) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී රෝහල් සේවකයෙක් විසින් තුවාල ලබා සිටි හිටපු මේජර්වරයා රෝහලට ඇතුළත් කර ගැනීමේ දී ඔහුට ගරු නොකර කතා කළ බව පවසා රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ සේවකයින්ට පරුෂ වචනයෙන් බැණ වැදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය එහි පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර හිටපු මේජර්වරයා පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේම ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්නගෙන් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ; බීමතින් වැටී තුවාල ලබා රෝහලට පැමිණි මේජර්වරයෙකු යැයි පවසන පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේ දී කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සමඟ බහින් බස්වීමක් සිදු වී ඇති බවත්, පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය තමන්ට ද ඔහු පරුෂ වචනයෙන් බැණ වැදුණු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06