AFC Banner
Empty Ad
Empty Ad

නුවරඑළියේ වසන්ත උදානයට සියල්ල සුදානම් : බාබකිව් උඳුන් ගැන විශේෂ තීරණයක් ගනියි

මෙවර නුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නුවරඑළිය මහ නගර සභාව පවසනවා.

නගරාධිපති චන්දනලාල් කරුණාරත්න නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වසන්ත උදානය ලබන අප්‍රේල් 1 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි.

නගරාධිපතිවරයා සඳහන් කළේ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීමේ කටයුතු මේවන විට සිදුකරමින් පවතින බවයි.

එලෙස පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ නුවරඑළිය ප්‍රදේශයේ සියලුම සංචාරක හෝටල් හිමියන් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල හිමිකරුවන් දැනුවත් කර තිබෙනවා.

පසුගිය සමයේ නුවරඑළියේ ඇතැම් සංචාරක නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල බාබකිව් උඳුන් කාමර තුල තබාගැනීමට අවස්ථාව ලබාදීම හමුවේ ජීවිත හානි සිදුවූ අතර මින් ඉදිරියට එවැනි අනතුරු සිදු නොවීමට පියවර ගෙන ඇති බවයි නගරාධිපතිවරයා අවධාරණය කළේ.

මේ අතර නුවරළිය මහ නගර සභාවේ විපක්ෂ නායක මහින්ද දොඩම්පේ පෙන්වා දෙන්නේ වසන්ත උදානය පවත්වන්නේ නම් මේ දිනවල ප්‍රදේශයේ පවතින පානීය ජල ගැටලුවට සහ ගෑස් හිගයට පිළියම් යොදන ලෙසටයි.

මේ දිනවල පවතින ඉන්ධන සහ ගෑස් හිගයට විසඳූම් ලබාදෙමින් වසන්ත උදානය පවත්වන්නේ නම් නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බව ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවන් මෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කරන රියදුරන් ද පෙන්වාදි තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?